අත්දැකීම් නැති ජනාධිපති කෙනෙක් ගෙනත් ආයෙ අමාරුවෙ වැටෙන්න බෑ – ප්‍රසන්න

අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙළිය නොහැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා අද (18) මේ බව කියා සිටියා.

ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යැයි ඔහු ප්‍රකාශ කර තිබූ බව මෙහිදී මාධ්‍යවේදියකු පැවසූ අතර ඊට පිළිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග කියා සිටියේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොහොට්ටුව ධම්මික පෙරේරා සමඟ එකඟතාවයකට පැමිණ නැති බවත් එවැනි සාකච්ඡාවක් ගැන අමාත්‍යවරයා දැනුවත් නැති බවත්ය.

ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට නැවත අවස්ථාවක් දිය යුතු බව ඔහු පෞද්ගලිකව විශ්වාස කරන බව ද පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles