තායිලන්තය හරහා IT රැකියා සඳහා ගිය තරුණයන් අඳුරු සිරකුටිවල වහල් මෙහෙයක?

තොරතුරු තාක්ෂණ විෂය දැනුමැති තරුණයන්ට රැකියා දෙන බව පවසමින් මෙරටින් ගෙන්වා මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි රටවලට ගෙන ගොස් සිර කර තබා අන්තර්ජාල ජාවාරම්වලට යොදගන්න ජාවාරමක් පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.

මෙරට ආගමන විගමන පාලක ජනරාල්වරයා කණ්ඩායමක් සමග තෙවතාවක් තායිලන්තයට ගොස් මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙනවා.

මෙම ජාවාරම චීන සහ තායි පාතාල කල්ලි මෙහෙයවන බවයි කියැවෙන්නේ. මෙරටින් ගෙනයන අයවළුන් පෙරකී රටවල අප්‍රසිද්ධ ස්ථානවල නවතා පැය ගණන් වහලුන්ගෙන් මෙන් මෙහෙ ගන්නා බවයි වාර්තා වී ඇත්තේ. මෙලෙස ගෙන ගිය පිරිස ගැන නිශ්චිත සංඛ්‍යා ලේඛන පවා සොයා ගැනීමට අසීරු බවයි පෙනී ගොස් ඇත්තේ.

මෙලෙස සිරගත කර වධ දෙමින් වැඩගත් එක් අයෙක් හෝ පිරිසක් කෙසේ හෝ මිදී තානාපති කාර්යාලයකට පැමිණියහොත් හැරෙන්නට තොරතුරු ලබා ගැනීමට අසීරුවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles