“සැමරුමට මෙහෙම ගැහුවා නම් 83 දි කොහොම ගහන්න ඇති ද?”

කළු ජූලිය සිදු වී වසර 40ක් ගතවූ පසුත් ඉකුත් දා කොළඹ දී සිදු කළ සැමරුමට එල්ල කළ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් “වෙනසක තාරුණ්‍යය” සංවිධානය ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එහිදී එහි ජාතික සංවිධායක ළහිරු වීරසේකර කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, මළවුන් සිහිකර පහනක් දැල්වීමට කිසිවෙක්ගෙන් අවසර ගත යුතු නැති බවයි. විශේෂයෙන් කළු ජූලියට වගකියයුතු පාලකයන්ගෙන් අවසර ගත යුතු නැති බව ඔහු තවදුරටත් සඳහන් කළා.

එවක ආණ්ඩුව කළු ජූලියේදී මිනිසුන් මරන්න ඉඩ දී බලා සිටි බවද ඒ හා සමානව ම මළ මිනිසුන් සිහි කිරීමට පැමිණි මිනිසුන්ට මෙවක ආණ්ඩුව පහර දුන් බව ඔහු චෝදනා කරනවා.

සිහිකිරීමේ වැඩසටහන කඩාකප්පල් කිරීමට ආණ්ඩුව සිය හෙංචයියන් ගෙන ආ බවත් ඒ සඳහා පොලිසිය සහයෝගය දුන් බවත් වීරසේකර පැවසුවා.

ඉදිරියේදී ද ජනතාවගේ විරෝධතාවලට ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ මෙලෙස බව පැහැදිලි වන්නේ යැයි ඔහු තවදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles