නාරම්මල ප්‍රදේශයේදී ලොරි රථයක රියදුරෙකුට සිවිල් ඇඳුමින් පැමිණ වෙඩි තබා ඝාතනය කළ සිදුවීමට අදාළව රුපියල් කෝටි 20ක් වන්දි ඉල්ලා මිය ගිය අයගේ බිරිඳ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පෙත්සම අප්‍රේල් මස 04 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරනු ලැබුවා.
මෙම පෙත්සමේ වගඋත්තරකාර නිලධාරියා ඇතුළු පොලිස් නිලධාරීන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙක් ඉදිරිපත්ව සිටියේ නැහැ.
රජයේ ජෙ.නීතිඥයාද පෙනී සිටියේ නීතිපතිවරයා වෙනුවෙන් පමණයි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කහවිටගේ ගුණවර්ධන, කොස්තාපල් චමුදිත බණ්ඩාර, නාරම්මල පොලිස් ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.
සමාජ ජාලාවල හුවමාරු වූ වීඩියෝපට මගින් අදාළ වෙඩි තැබීම තමා සිදු කළ බව පොලිස් පරීක්ෂකවරයා පිළිගත් බවත්, වැටී තිබූ පතරොම් සාක්කුවට දමා ගත් බවත් කියන පෙත්සම්කාරිය, සිය සැමියාගේ හිසට එල්ලකර වෙඩි තැබීම සිදු කර ඇති බව පවසනවා. නිලධාරීන් බලය ඉක්මවා යමින් අවභාවිත කර ඇති බවත් එමගින් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් කියන ඈ කෝටි 20ක වන්දියක් ඉල්ලා සිටිනවා.
එසේම මාර්ගයේ ගමන් ගන්නා වාහන පරීක්ෂා කිරීමේදී පොලිසිය විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට නියෝග නිකුත් කරන්නැයිද එම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
ලෝක හොරු මංකොල්ල කාරයෝ වෙනුවෙන් පෙනී ඉන්ඩ පුලුවන්. තමන්ට කන්ඩ හම්බ කරල දෙන පොලිසිය වෙනුවෙන් බෑ.. අනේ මෙහෙම ලෝකයක් 😢
ඉතින් මූත් මීනීමරුවෙක් නේ. අඩුම ගානේ තමුන්ට කිසිම හානියක් නොකරපු මනුස්සෙයෙක්ව ආතල් එකට මරපු බල්ලෙක් නේ
සාක්ෂි පිට මිනීමරණ එවුන් වෙනුවෙන් පෙනී ඉන්නේ මොන lawyer ද😂😂😂😂
ලෝක හොරු මංකොල්ල කාරයෝ වෙනුවෙන් පෙනී ඉන්ඩ පුලුවන්. තමන්ට කන්ඩ හම්බ කරල දෙන එකා වෙනුවෙන් බෑ . අනේ මෙහෙම ලෝකයක් 😢
ඉතින් මූත් මීනීමරුවෙක් නේ. අඩුම ගානේ තමුන්ට කිසිම හානියක් නොකරපු මනුස්සෙයෙක්ව ආතල් එකට මරපු බල්ලෙක් නේ
කොහොමත් පොලීසියේ නලධාරීන් තම බලය පෙන්වා නීති විරෝධී ක්‍රියාවන් කරන අතර මේ තැනැත්තිය ගත් ක්‍රියාමාර්ගය ඉතා යහපත්බව අප සැම තර්කයක් නොමැතිව පිලිගතයුතු කරුනකි.
මෙයට මූලික.හේතුව වන්නේ ඉහල නිළධාරීන් වසන්කරනවා පහල නිළධාරීන්ගේ නොයෙක් අක්‍රමිකතා නොමනා ක්‍රියාවන්.
නාරම්මල පොලීසියේ සුරාබදු අඃශයේ නිළධාරීන් අල්ලස්ගන්නා බවට ඉතා පැහැදිලියි.කොබෙයිගනේ ද එලෙසමයි.තවද සූදුකෙලියේ යෙදෙන්නන්ගෙන්ද එලෙසම අල්ලස්ගන්නාඅතර එවැනි නිළධාරීන් පොලීසියේ තනතුරුවලින් නෙරපාහැරියයුතුතේ කිසිඳු දීමනාවක්ද නොමැතිවයි.
ශ්‍රී ලංකාවේ පොලිස් නිළධාරීන් නැවත පුනරත්තාපනයකර යුධහමුදා පුහුනුව ලබාදී පොලීසිටය නැවත බඳවාගතයුතුයි.
වෙඩිතැබීමක් කලයුත්තේ කුමන ආකාරයකටද අවස්ථාවකද පොලිස් නිළධාරීන් තාමත් නොදනී ප්‍රථමයෙන් පොලීසියේ සියළු නිළධාරීන්ට මිනිසාගේ හිස.අත් පා ඉන යනාදී ස්ථාන පිහිටාඇත්තේ කුමනස්ථානයකද කියාවත් පැහැදිලිකරයුතුයි