අද (12) උදෑසන නුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක වහලය මත නැගී පැමිණි තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානයේ වහලයේ හැපී මරණයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඩබ්. ඩී .ඩී අයි පෙර්රා නැමැති 20 හැවිරිදි සිසුවෙක්.
අද දින දුම්රිය වර්ජනයෙන් දුම්රිය රැසක් ධාවනය නොවන නිසා පවතින මගී තදබදය නිසා මෙම තරුණයා මෙලෙස දුම්රිය වහලයට නැග ඇතැයි විශ්වාස කෙරේ.
සබැඳි පුවත් : “ස්ට්‍රයික් එක නිසා තමයි මේ සේරම වුණේ” මියගිය තරුණයාගේ පියා මාධ්‍යයට කී කතාව