අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලය ඉදිරිපිට ගාල්ල කොළඹ මාර්ගයේ පදික මාරුව අසල 28 වැනි දා රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරියගේ හිස්වැසුම පැහැරගෙන ගිය තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලිසිය සමත් වුණා.
ත්‍රිරෝද රථයකින් ගමන් කරන අතුරතුර මෙසේ එම හිස්වැසුම පැහැරගෙන තිබෙනවා.
29 වැනිදා බලපිටිය අධිකරණයට ඉදිරිපත් කර මේ තරුණයන් දෙදෙනා අප්‍රේල් 8 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති බව සඳහන්.
කිහිපදෙනෙකුට පාර මාරු වීම සඳහා නිලධාරිනිය ත්‍රිරෝද රථයට සංඥා කර ඇති බවත් වේගය මඳක් අඩු කළ ත්‍රීරෝද රථයේ සිටි දෙදෙනා ඇගේ හිස්වැසුම පැහැරගෙන පළාගොස් තිබුණා.