“යුක්තියේ” නිවාඩු අවසන්

වැ.බ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් වූ පසු ක්‍රියාත්මක වෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අද (27) සිට යළි අරඹන බව පොලිසිය පවසනවා.

උත්සව සමය නිසා පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරී කටයුතුවල යෙදවීම නිසා දින තුනක් එම මෙහෙයුම් කටයුතු අඩු කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

පසුගිය 25 වැනි දා වන විට එම මෙහෙයුම මගින් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අයවලුන් 13666 දෙනෙකු අත්අඩංගුවට ගෙන 1097 දෙනෙක් පුනරුත්ථාපනය සඳහා යොමු කළ බව පොලිසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles