අවුකන ප්‍රතිමාවට චීවර පෙරවූ සිදුවීමේ අලුත් ම තත්වය

ඉල් පොහොය යෙදී තිබුණ ඊයේ (26) අනුරාධපුර ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට කිසියම් පිරිසක් බුද්ධ චීවරයක් පෙරවූ සිදුවීමක් ගැන තොරතුරු වාර්තා වුණා.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල අවකාශවල විශාල ආන්දෝලනයක් ඇති වී තිබෙනවා.

කෙසේ වෙතත්, අවුකන පිළිමය සුවිශේෂී පුරාවිද්‍යා උරුමයක් බැවින් මෙය බරපතළ කටයුත්තක් බවයි බොහෝ දෙනා පවසන්නේ.

Lankaline අප මේ සම්බන්ධ බලධාරීන්ගෙන් තොරතුරු විමසා සිටීමට තීරණය කළ අතර, උදෑසන සිට පුරාවිද්‍යා බලධාරියෙක් සම්බන්ධ කර ගැනීමට ගත් වෑයම ව්‍යර්ථ වුණා. වැඩබලන පුරාවිද්‍ය අධ්‍යක්ෂවරිය සම්බන්ධකර ගැනීමට ගත් වෑයමත් නිෂ්ඵල වුණා.

ඉන් අනතුරුව අපි අදාළ විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක ඇමතුවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාර වන්නේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයටයි.

මේ සිදුවීම ගැන වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය මූලිකව පරීක්ෂණයක් සිදු කරන බවයි ඇමැතිවරයා පැවසුවේ. පුරාවස්තුවක් ලෙස නම් කර ඇති වස්තුවක් වෙනස් කිරීම, එහි යම් කටයුතු කිරීම මූලික වශයෙන් වරදක් බව තමන් විශ්වාස කරන බව පැවසූ අමාත්‍යවරයා පරීක්ෂණයෙන් පසුව මේ වැඩි වශයෙන් ක්‍රියා කළ හැකි බවයි පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles