සතොස භාණ්ඩ රැසක මිල පහළට

ලංකා සතොස ආහාර වර්ග 9ක මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

අගෝස්තු 17 සිට නව මිල ගණන් බලාත්මක බවයි ලංකා සතොස පවසන්නේ.

ඒ අනුව, LSL කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 29කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 970ක්. සෝයා මීට් (තොග) කිලෝ 1ක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 625 ක් වෙන බවයි සතොස දැනුම් දෙන්නේ.

එසේම හාල්මැස්සන් (තායි) කිලෝ එකක මිල රුපියල් 15කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 1160ක්.බාස්මතී සහල් කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 675ක් වන අතර දුඹුරු සීනි කිලෝ එකක මිල රුපියල් 350ක් දක්වා පහළ දමා තිබෙන බවයි ලංකා සතොස පවසන්නේ.

සෙසු ආහාර වර්ගවල මිල ගණන් පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles