කාගිල්ස් සමාව ඉල්ලයි!

සිය අලෙවිසලක සිදුව ඇති පහරදීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා කාගිල්ස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙය සොරකම් කිරීමක් හා සම්බන්ධ සිදුවීමක් බවයි. සිද්ධියට අදාළ කාර්යමණ්ඩල සේවකයන්ට එරෙහිව පියවර ගන්නා බවයි ඔවුන් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, මෙය කාගිල්ස් ෆුඩ් සිටි හංවැල්ල ශාඛාවේ දී සිදු වූ සිදුවීමක් බවයි වාර්තා වන්නේ,

කාගිල්ස් සමාගමේ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහතින්,

ප්‍රකාශයයි.

හිතවත්, අනගි පාරිභෝගිකයන් සහ පාර්ශවකරුවන් වෙත,

භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අපේ අලෙවි සැලක‍ සිදුවූ අවාසනාවන්ත සිදුවීම ගැන පැවසීම මෙහි අරමුණයි.

එහිදී ඇතැම් කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ හැසිරීම පිළිබඳ අප බලවත් කම්පාවට සහ ලැජ්ජාවට පත් වන්නේ එම හැසිරීම සමාගම විසින් ලබා දෙනු ලබන වටිනාකම් සහ ක්‍රියාවලීන් හා සමපාත නොවන හෙයිනි.

වැඩතහනම් කර පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. වගකිවයුතු අය පිළිබඳ දැඩි පියවර ගැනීමට නියමිත ය.

අප ගේ පාරිභෝගිකයන් කාගිල්ස් ෆුඩ් සිටි කෙරෙහි ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය සහ විශ්වාසය තැබීම පිළිබඳ ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.
අගනා නිෂ්පාදන සහ සේවා සැපයීම වෙනුවෙන් අපේ කැපවීම ස්ථිර ය.
අවබෝධයට සහ අප සමඟ රැදෙනවාට ස්තුතියි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles