රයිස්, කොත්තු, ප්ලේන්ටී මිල ඉහළට

ගෑස් මිල වැඩිවීම නිසා ප්ලේන්ටිය රුපියල් 10කින් හා කොත්තුව රුපියල් 20කින්ද ප්‍රයිඩ් රයිස් එක රුපියල් 50කින්ද වැඩිකරන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති හර්ශන රුක්ශාන් මෙසේ පැවසුවේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. මෙම මිල වැඩිවීමට ගෑස් මිල වැඩිවීම පමණක් නොව විදුලි බිල වැඩිවීම හා හාල් මිල වැඩිවීම හේතු වී ඇති බවයි ඔහු පවසන්නේ.

ප්‍රයිඩ් රයිස් මිල වැඩිකරන්නේ කීරි සම්බා නොමැති නිසා බවත් තමන් මිල වැඩිකිරීම් මාස තුනකින් සිදු කර නැති බවත්, ඔහු වැඩිදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles