යුද හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට

අද (09) අලුයම දඹුල්ල – හඹරණ මාර්ගයේ අවුඩංගාව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් යුද හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ, දඹුල්ලේ සිට හබරණ දෙසට ධාවනය වූ යුද හමුදාවට අයත් වෑන් රථයක් එම දිසාවටම ධාවනය වූ ටිපර් රථයකට ඉස්සර කිරීමට යෑමේදීයි.

මෙමෙ අනතුරෙන් වෑන් රථයේ රියදුරු සහ යුද හමුදා නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදී වම්පස ඉදිරි අසුනේ සිටි නිලධාරියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles