කහවත්තේ යළි කාන්තා ඝාතනයක්: මවක් ගෙල කපා මරලා

පසුගිය කාලයේ කාන්තා ඝාතන ගණනාවක් සිදු වූ කහවත්ත කොටකෙතනට ආසන්න වැල්ලඳුර වෙලේවත්ත පිහිටි නිවසක ජීවත් වූ මවක් ගෙල කපා අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා.

පෙරේදා සවස 1-4 අතර මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා. මිය ගිය මව 92 හැවිරිදි වියේ පසු වුණ තැනැත්තියක්. හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙක්ගේ වැඩිමල් සහෝදරියකද, ප්‍රකට මාධ්‍යවේදියෙකුගේ මවක ද වන ඇය ප්‍රකට සමාජ සේවිකාවක් බව සඳහන්.

මෙම ඝාතනයේදී සාලයේ තිබූ ලේ පැල්ලම් ඝාතකයා විසින් සෝදා හැර තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. රන්භාණ්ඩ ආදිය අතුරුදන්ව නැති නිසා මෙය මංකොල්ලයක් සඳහා කළ ඝාතනයක් නොවන බවයි පොලිසිය පවසන්නේ.

කලකට පෙර කාන්තා ඝාතන හේතුවෙන් භීතියට පත්ව තිබූ කහවත්ත ප්‍රදේශය මේ ඝාතනය නිසා නැවතත් භීතිය අත්දකිමින් සිටින බවයි දැනගන්නට ඇත්තේ.

කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles