ඇමැති චොකාට පන්දම් අල්ලා අච්චු ලැබූ නි. පොලිස්පතිටත් ඇප

ඝාතනයක් සම්බන්ධව කහවත්ත පොලිසියට බලපෑම් කිරිමේ චෝදනාවට වරදකරු වී අවුරුදු පහක් සුළු වැඩ සහිතව සිරගතව සිටි සබරගමුව පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ රුපියල් තිස්දාහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

ඒ රත්නපුර මහාධිකරණය 2023 ඔක්තෝබර් මස 26 වන දින අභියාචනයට යටත්ව සිදු කරන ඇප අයදුම්පත සලකා බලමින්.
එහි දී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන මෙන් ද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කර තිබෙනවා.

2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැලියක සැරසිලි කරමින් සිටියදි එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධව පරික්ෂණවල දී කහවත්ත පොලිසියට බලපෑම් කිරිමේ චෝදනාවටයි ඔහු මෙසේ වරදකරු වී තිබුණේ.

එසේම මෙම ඝාතනය සම්බන්ධව මරණීය දණ්ඩනය නියමව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුලු විත්තිකරුවන් තිදෙනා නිදොස්කොට නිදහස් කීරීමට අභියාචනාධිකරණය 2022 මාර්තු 31 නියෝග කළා.

මොවුන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගය ලබා දෙනු ලැබුවේ, නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසිනුයි.

තීන්දුව මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයසිංහ හා කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අය ඔවුන්ට එරෙහි චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස ලැබුවා.

2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවති ප්‍රචාරක රැළියක සරසිලිවල යෙදී සිටි ආධාරකරුවන්ට වෙඩිතබා එක් පුද්ගලයකු වන ශාන්ත දොඩංගොඩ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වු මෙම විත්තිකරුවන්ට රත්නපුර මහාධිකරණය මගින් 2020 ජූලි 31වැනිදා මරණීය දණ්ඩනය නියම කළා.

පසුව එම පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන් අතර ඊට අවුරුදු කීපයකට පසු එම මරණය යට ගැසීමට ප්‍රේමලාල් ජයසේකර වෙත උදව් උපකාර කළ බව කියන එවකට සබරගමුව පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ ද රත්නපුර මහාධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles