දුමින්දට සමාව දුන්නේ පෞද්ගලික හිතවත්කමට නොවේ: ගෝඨා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහි නඩුවට අදාළව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන්නේ තමා ඔහුට සමාව ලබා දුන්නේ පෞද්ගලික හෝ දේශපාලන හිතවත්කම් මත නිසා බව කියන ප්‍රකාශ තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්වය හේතුවෙන් බන්ධනාගාරයෙන් නිදහස් විය යුතු බවට වෛද්‍ය වාර්තා තමා වෙත ඉදිරිපත් වූ බව ඔහු සඳහන් කරනවා.

තමා ක්‍රියා කළේ රට වෙනුවෙන් බව එහි වැඩිදුරටත් ඔහු දක්වා තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් කියා ඇත්තේ, හිටපු ජනපතිවරයා විසින් මෙම සමාව සම්බන්ධයෙන් කිසිදු පදනමක් සහිත මූලික හේතුවක් දක්වා නැති බව මෙන්ම ඉදිරිපත් කර ඇති ලේඛන කිසිවක් එම තීරණය සාධාරණීකරණය කිරීමට සහය දක්වන්නේ නැති බවයි. මෙම තීරණය හිටපු ජනපතිවරයා විසින් රටේ යහපත වෙනුවෙන් ගත් තීරණයක් බව පිළිගැනීමට ඒ අනුව නොහැකි බව ඔවුන් දක්වා ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles