බෝධිසත්වට අගසව් 5 ක් – වෛද්‍යවරුන්ද ඒ අතර

අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටින කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පෙරේදා (15) දා අත්අඩංගුවට ගත්තා.

මෙම සැකකරුට රහතුන් 41 දෙනකු, අගසව්වරුන් 05 දෙනකු සහ දිවයින පුරා අනුගාමිකයන් ලක්ෂ 03ක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා, අධිකරණයට ඊයේ (16 ) දා දැනුම් දුන්නා.

ඔහුගේ අගසව්වරුන් ලෙස කටයුතු කළ 05 දෙනාගෙන්, දෙදෙනකු වෛද්‍යවරුන් බව අනාවරණය වී ඇතැයි ද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇති අතර එම වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස්, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත දැන්වූවා.

නඩුව විභාග වන අවස්ථාවේදී විත්ති කූඩුවේ සිටි සැකකරුගේ ඉරියව් මහෙස්ත්‍රාත්වරයාගේ දැඩි නිරීක්ෂණයට ලක් වී ඇති බව සඳහන් වෙනවා.

“මෙම නඩුව විභාග වන අවස්ථාවේදී විත්ති කූඩුවේ සිටි සැකකරු ඊට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ අංගතුලාවන් අධිකරණයේ අවධානයට යොමු වුණා. ඒ තුළින් පැහැදිලි වනුයේ සැකකරු මානසික ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙන බවයි. ඒ පිළිබඳව අධිකරණය නිරීක්ෂණය කළා.”

මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා.

සැකකරුට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි නිසා ලබන 24 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් සැකකරුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා බන්ධනාගාරය මගින් අංගොඩ මානසික​ රෝහල වෙත ඉදිරිපත් කරන ලෙසත් මානසික​ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාදෙන ලෙස බවත් මහෙස්ත්‍රාත්වරයා අංගොඩ මානසික​ රෝහලේ අධ්‍යක්ෂවරයාට දන්වා සිටි බව මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles