කැකිල්ලේ තීන්දුවක්: ඇමැතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ ප්‍රාදේශීය ලේකම්ට ස්ථාන මාරුවක්!

අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න විසින් කාලයක් තිස්සේ කරගෙන ආ නීතිවිරෝධී රාජ්‍ය දේපළ පරිහරණය කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වෑයම් කළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලන අංශය වෙත මාරු කර යවා තිබෙනවා.

උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජයේ ඉඩමක් අත්පත් කරගෙන සංස්කෘතික මධ්‍යස්ථානයක් සහ තවත් ඉදිකිරීම් කරමින් ඉන් ලබන ආදායම පෞද්ගලික පරිහරණය කළ අධිකරණ රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්නට එරෙහි ඈ නිත්‍යානුකූල පියවර ගනු ලැබුවා.

(මීට අදාළ පෙර ලිපිය පහතින් පළ වෙයි)

උස්-මිටි කම් නොතකා නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ ප්‍රාදේශීය ලේකම්වරියට ලැබී ඇති ත්‍යාගය වන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමයි. ඒ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් විසින්.

ඇය නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කර සති දෙකක් යන්නට මත්තෙන් ඇයව මාරු කර දැමීමට තරම් බලධාරීන් නිර්ලජ්ජිත වීම මෙරට පත්ව ඇති ජරාජීර්ණභාවයේ තරම මැනවින් කියාපාන බව ජනතාව පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles