පොහොර සහනාධාර වංචාව: සමාගම් ලොක්කෝ අල්ලන්න කලින් ඇප ඉල්ලයි

ජාතික පොහොර ලේකම් කාර්යාලය 2018 දී දියත් කළ පොහොර සහනාධාරය වැඩපිළිවෙලේදී රුපියල් 2500ට ආනයනය කළ පොහොර මිටිය රුපියල් 1100කට ගොවි ජනතාවට ලබා දිය යුතුව තිබුණත් ඒවා රුපියල් 3500කට අලෙවි කර තිබෙනවා. එසේ රජයේ මුදල් කෝටි ගණනක් අවභාවිතා කිරීමට එරෙහිව රහස් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා.

එහිදී තමන් පොලිස් අත්අඩංගුවට පත් වීමේ අවදානමක් ඇතැයි කියමින් පූර්ව ඇපයක් නියම කරන ලෙසට යූරෝ මේඩ් ෆූඩ් ටීච් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන රොෂාන් මධුසංක, මොහොමඩ් අමීන් මොහොමඩ් අශීක් යන අය පූර්ව ඇපයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කර දමමින් පැමිණිලිකරුවන්ට කියා සිටියේ උක්ත විමර්ශනයට සහය දෙන ලෙසයි.

“රජයේ පොහොර සහනාධාරය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවතින හෙයින් අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමක් සිදුවන බවට මෙම අවස්ථාවේදී පෙනී යන්නේ නෑ. අනීතික, අසාධාරණ ක්‍රියාවලියක් හෝ දේශපාලන පෙළඹවීමක් මත නිරපරාදේ අත්අඩංගුවට ගැනීමක්ද මෙමගින් ඉස්මතු වන්නේ නෑ.

නඩුවේ අවස්ථානුගත කරුණු අනුව 1982 අංක 17 දරණ පොදු දේපළ පනත යටතේ විමර්ශනයක් සිදු කරන බවට කරුණු වාර්තා කර තිබෙනවා. පොදු දේපළ පනතෙන් අත්අඩංගුවට ගතහොත් ඇප ලබාදීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට නෑ.“

මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles