රට යුද පිටියක් ද? දින 100ට ඝාතන 83ක්

පසුගිය දින 100 තුළ මෙරට මිනිස් ඝාතන 83ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.

මෙම ඝාතන අතුරින් වෙඩි තැබීම් නිසා මරණ 20ක් වාර්තා වී ඇති අතර ඒවා අපරාධ කල්ලි අතර වූ ඝාතන බවයි ඔහු පවසන්නේ.

මේ අතර රට පුරා කොල්ලකෑම් සහ සොරකම් 1500ක් පමණ ද වාර්තා වී තිබෙනවා.

මහදවාලේ කිසිදු බියක් සැකක් නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවි රැගෙන වෙඩි තැබීම් සිදු කිරීම පොදු ජනතාව භීතියෙන් පුරවන අත්දැකීමක් බවට පත්ව ඇති බවයි ජනතාව පවසන්නේ.

1 COMMENT

  1. කෝ මේ පොලීසියට බනින පොල් බූරුවෝ ටික….💩💩 ඔන්න වැඩ පෙන්නපල්ලා….💩💩

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles