කෙහෙළියට සනීප ද? උසාවියම සිනා ගැන්වූ ප්‍රශ්නය

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළියට දැන් සනීප දැ යි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විවෘත අධිකරණයේදී නීතිඥවරයාගෙන් විමසනු ලැබුවා. එහිදී අධිකරණය සිනාවෙන් පිපිරී ගියා.

තමාට නෛතිකව හිමිව තිබූ සීමාව ඉක්මවා ජංගම දුරකතන භාවිතා කර ලක්ෂ 3කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් පියවාගැනීම මගින් අල්ලස් පණතට අදාළව දූෂණ වරදක් කළ බවට චෝදනාවක් නගමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට විරුද්ධ පවරා ඇති නඩුව ඊයේ (7) කැඳවූ අවස්ථාවේ මෙම ප්‍රශ්නය නැගුණා.

පසුගිය නඩුවාරයේදී කෙහෙළිය උසාවියට නොපැමිණියේ රෝගී තත්වයක් නිසා බව දන්වා තිබුණා. නමුත් මේ දක්වා ඊට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නැති බව විනිසුරුවරයා විමසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles