වාසනාව ගේන වාලම්පූරි වෙළඳාමේ ගිය හිමිනමට අවාසනාව පෑදිලා

වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය හිමිනමක් හා පුද්ගලයකු කල්කුඩා තැපැල් කාර්යාලය ඉදිරිපිට දී විශේෂකාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී වාලම්පුරියක් බවට සැක සහිත මුහුදු බෙල්ලෙක් අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි හිමි නමක් හා විල්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙහි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් කල්කුඩා පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සදහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles