“වැල්ලේ සාරංග” ගේ ගෝලයෙක් අයිස් එක්ක පොලිස් දැලේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැකකෙරෙන දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින “වැල්ලේ සාරංග” ගේ ප්‍රධාන සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මනුෂ්‍ය ඝාතනයක් සඳහා පැමිණි පුද්ගලයෙකුට ආධාර අනුබල සහ නවාතැන් දීම සම්බන්ධයෙන් වන චෝදනාව මත ජාඇළ, තුඩැල්ල ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තතකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 70ක් තිබූ බව සඳහන්.

එම වෙඩික්කරු වැල්ලේ සාරංග නැමති පුද්ගලයාගේ මෙහෙයවීම මත පසුගිය මාර්තු මස 08 වනදා මත්තුමගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා ඔහුව ඝාතනය කිරීමට තැත්කර ඇතැයි පොලිසිය වාර්තා කරනවා.

ඒ අනුව එම වෙඩික්කරුට නවාතැන් පහසුකම් ලබාදිම, මිනි මැරිමට තැත් කිරිම සඳහා ආධාර අනුබල දිම, හා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම යන චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා-ඇළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් වන පුද්ගලයෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles