අනාරක්ෂිත ගස් හොයන්න ගෙනා ලක්ෂ ගාණක මැෂිම අතහැර දමලා

කොළඹ නගරයේ ඇති අනාරක්ෂිත මට්ටමේ ගස් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 70ක් වියදම් කර යන්ත්‍රයක් මිලදීගෙන ඇති අතර මේ වන විට එය භාවිතයට නොගෙන අතහැර දමා ඇතැයි වාර්තා වෙනවා.

ඉකුත් 2017 වසරේදී රුපියල් ලක්ෂ 70ක් වියදම් කරමින් කොළඹ මහ නගර සභාව විසින් මෙම ගස් පරීක්ෂා කිරීමේ යන්ත්‍රය මිලදීගෙන ඇති අතර එම වසරේ සිට මේ දක්වා අදාළ යන්ත්‍රයෙන් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැති බව සඳහන්.

අධික පිරිවැයක් දරා මිලදී ගත් මෙම යන්ත්‍රය භාවතියට නොගෙන කාමරයක් තුළ අතහැර දමා ඇත්තේ සුදුසු තාක්ෂණ නිලධාරියෙකු නොමැතිවීම නිසා බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පැමිණ මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කළත් ගස් පිළිබඳ අදාළ යන්ත්‍රයෙන් ලබාදෙන දත්ත එකිනෙකට පරස්පර වන බවද ඇය සඳහන් කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles