ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ප්‍රකාශයක්

2024 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමෙන් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්.රත්නායක පවසනවා.

ලබන ජූලි 17 වැනිදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට සිය කොමිසමට බලය ලැබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

2024 ඡන්ද හිමි නාමලේඛණයේ හිමිකම් හා විරෝධතා පරීක්ෂණ කටයුතු මේ වන විට සිදු වන අතර ජූලි අග වනවිට 2024 ඡන්ද හිමි නාම ලේඛනයේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

සැප්තැම්බර 17 ත් ඔක්තොම්බර් 16 ත් අතර කාලයේ අනිවාර්යෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්. රත්නායක වැඩිදුරටත් කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles