මහරජ ගැමුණුට කල්දේරම් බත වළඳන්න වෙන ලකුණු

පොදුජන එක්සත් පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබූ සිදුවීම හුදෙක් ඔහුට කැනඩාවේ පුරවැසිභාවය ලබා ගැනීමට කළ වෑයමක් පමණක් බව මේ වන විට සාක්ෂි ලැබෙතැයි වාර්තා වෙනවා.

සැලසුම්සහගත වෙඩි තැබීමේ රංගනයක් බව කියන මේ සඳහා පිස්තෝලය ලබා දී ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ සංජීව මහනාම නමැති අයයි. එය ඔහු වෙත පොලිස් දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබූ නිල ගිනි අවිය බවද පැවසෙනවා.

මේ පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරා වෙත යවා වාර්තාවක් කැඳවීමට අධිකරණය නියෝග කර තිබෙනවා. මේ වාර්තාව ලද විගස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා ඇත්තේ.

1 COMMENT

  1. කැනඩා රජයට මෙය වාර්තා කර ඔහුගේ වීසා කූට ලේඛන යොදා සකස් කර ඇති බව සැල කල යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles