ඔන්ලයින් සල්ලි ගෙවලා: සන්නස්ගලට එරෙහි නඩුව විසි වෙයි

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා යැයි කියමින් කඳාන පදිංචි නුවන් ප්‍රදීප් ගල්වලආරච්චි යන අයගෙන් රුපියල් මිලියනයක් ලබාගෙන එය ලබා නොදී වංචා කිරීම, විශ්වාසය කඩ කිරීම සහ එම මුදල් සාවද්‍ය පරිහරණය යටතේ පොලිසිය විසින් ගොනු කළ නඩුව කැඳවනු ලැබුවා.

එහිදී විත්තියේ නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයා අදාළ මුදල් මාර්ගගත ක්‍රමයට පැමිණිලිකරු වෙත ගෙවා ඇති බවයි. පැමිණිලිකරුද මේ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිට තමන්ගේ මුදල් ලැබුණු බව පවසා නඩු කටයුත්ත අවසන් කර දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

වරදක් සංස්ථාපනය නොවන අවස්ථාවකදී පුද්ගලයන්ට එරෙහිව චෝදනා කෙටුම්පත් කරන්නේ කෙසේදැයි කඳාන පොලිසියෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා උපුල් ශාන්ත සන්නස්ගල මුදාහැරීමට නියෝග කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles