මත් ජාවාරමට සැකපිට රිමාන්ඩ් කළ බෝට්ටු ස්කීපර්වරයෙක් මුදාහැරේ

මත්ද්‍රව්‍ය කිලෝ 210ක් ඩුබායි සිට ආනයනය හා ජාවාරම් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැක පිට මාස 08ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි තංගල්ලේ ලහිරු රසාංග නමැති ස්කීපවරයා මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළා.

බහුදන ධීවර යාත්‍රාවක් මගින් හෙරොයින් කිලෝ 171 සහ හසිස් කිලෝ 31ක් මෙරටට ආනයනය කළ තංගල්ලේ ධීවරයෙන් පස්දෙනෙකුට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝම්බර් මස 23 වෙනි දින සැකකරු අත්අඩංගුවට පත්ව ඇති අතර සැකකරුට එරෙහිව මෙතෙක් සාක්ෂි අනාවරණය වී නොමැති බැවින් මුදා හැරීමට නියෝග කෙරුණා.

හෙරොයින් ආනයනය කිරීමේදී අත්අඩංගුවට පත් සැකකාර ධීවරයින්ට එරෙහිව මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදු කරන විමර්ශන සඳහා සහාය පළ කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මුදා හැරී පුද්ගලයාට තරයේ අවවාද කළ බවයි සඳහන් වන්නේ.

සාක්ෂි නොමැති හෙයින් මුදාහැරියද ඉදිරි විමර්ශනයකදී සාක්ෂි අනාවරණය වුවහොත් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles