අද ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පැරිස් ඒකාබද්ධ ආධාර කණ්ඩායම් හමු වී ද්වීපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට අත්සන් තැබීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස දිවයිනෙන් නික්ම ගොස් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතයි.

එමෙන්ම ජූලි 02 වෙනිදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට නියමිත බවද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම රැස්වීමේදී අද දිනයේ අත්සන් තැබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පැවැත්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles