රංගෙගෙ පුතාට ඇප ලැබෙයි

අද (29) අලුයම පුත්තලම, කරුවලගස්වැව දී රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර ඇප මත මුදා හැර තිබෙනවා.

ඔහුගේ රියදුරු බලපත තාවකාලිකව අත්හිටුවා ඇතැයි සඳහන්.

ඔහුගේ රථයේ ගැටුණු ත්‍රිරෝද රථයට බරපතළ හානි සිදුව ඇති අතර එහි රියදුරා බරපතළ තුවාල සහිතව රෝහල්ගත කර තිබුණා.

මෙයට පෙරද 2018 වසරේදී මෙම දේශපාලක පුත්‍රයා විසින් රිය අනතුරක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතව සිටියා. එහිදී හලාවත ප්‍රදේශයේ නිවසකට අලාභහානි සිදුකිරීමක් වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles