විද්‍යාපීඨවලට නවක ශික්ෂණලාභීන් බඳවාගැනේ

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නව ශික්ෂණලාභීන් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. ඔවුන් ලියාපදිංචි කිරීම මෙම මස (අගෝස්තු) 10 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

විද්‍යාපීඨ ආචාර්යවරුන්ගේ පැවති වැටුප් ප්‍රශ්නය විසඳීමට ඒ සඳහා පත් කර ඇති අමාත්‍ය මණ්ඩල උපකමිටුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. 2024 සිට එම ප්‍රශ්නය වෙනුවෙන් වන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ආරම්භ වෙනු ඇති බවයි සඳහන් වන්නේ. එසේ ම අධ්‍යාපන විද්‍යාපීඨවල පවතින හදිසි අවශ්‍යතා සපුරා ගැනීමට ලෝක බැංකු ප්‍රතිපාදන ලබා ගැනීමට ද සාකච්ඡා කෙරෙන බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles