කුඹුරු අක්කර 37,000ක් විනාශයි

පවතින නියඟය නිසා මේ වනවිට කුඹුරු අක්කර 37,101ට හානී වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඉන් පීඩාවට පත්ව සිටින ගොවීන් ගණන 32,967 ක්. වැඩිම හානියක් සිදුව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බව පෙන්වා දෙන කෘෂිකර්ම අමාත්‍යාංශය කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 19,388 ක් නියඟයෙන් හානියට ලක්ව ඇති බව සඳහන් කරනවා.

කෘෂිකාර්මික හා ගොවි රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. එම්. බී. වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව මෙම තක්සේරු කටයුතු සිදුකරනු ලබන බව ද අමාත්‍යාංශය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles