යේමනයේ කැරලිකරුවන් ඊශ්‍රායලයට පහර දෙයි

යේමනයේ අන්සරල්ලාහ් ව්‍යාපාරය හෙවත් හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට එරෙහිව යුද්ධයට එක්ව තිබෙනවා.

ඒ බව එහි ප්‍රකාශය බ්‍රිගේඩියර් යාහ්යා සරී නිල වශයෙන් නිවේදනය කළා.

එසේම ඔවුන් විසින් ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ගණනාවක් එල්ල කළ බවත් එය ඔවුන් විසින් එල්ල කළ තුන්වන ප්‍රහාරය බවත් සඳහන් කරනවා. තව ද පලස්තීනයට එල්ල කරන ප්‍රහාරය නවතින තුරු ඊශ්‍රායලයට පහරදෙන බව ද ඔවුන් පවසා තිබෙනවා.

මේ අතර කුණුදිග ඊශ්‍රායලයේ එයිලට් නගරය දෙසට ද එල්ල වී තිබෙන ප්‍රහාර ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර කිහිපයක් වළක්වා ගත් බව ඊශ්‍රායලය සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles