2024 අය-වැය: දෙවැනි වර කියවීමේ ඡන්දය අද

2024 වසර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පැවැත්වෙනවා.

අය-වැය විවාදයේ 7 වන දිනය අද වන අතර දෙවනවර කීයවීමට අදාළ ඡන්ද විමසීම සවස 6ට පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරනවා.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

සමඟි ජනබලවේග දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ, ඔවුන් අද අය-වැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles