කඩු සටන් කළ පිරිසක් පෑලියගොඩදී අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට සැකකරෙන පිරිසක් කඩු 4ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර කාලයක් සිට පවතින ආරවුලක් සම්බන්ධ තොරතුරක් ලැබී කරන ලද වැටලීමකදී 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් 8ක් සහ සැකකාරියන් 3ක් මේ පිරිස අතර වනවා. ඔවුන් සතුව තිබී කඩු 4ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ පිරිස අතරින් 7 දෙනෙක් අපරාධ කිහිපයකට සැක අයවළුවන් බවයි පැවසෙන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් නිරන්තර ගැටුම් ඇති කරගන්නා පිරිසක් බවයි වැඩිදුරටත් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles