තවත් අන්තර්ජාල මුදල් මගඩියක්

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක් ඊයේ (16) දා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වංචනික ලෙස අන්තර්ජාලයේ මුදල් ආයෝජනය කරවන බවට දැනුම්දී මුදල් තැන්පත් කරවීමට පොළඹවා එම මුදල් පුද්ගලික බැංකු ගිණුමකට තැන්පත් කරවා ගෙන රුපියල් 1,680,000ක මුදලක් වංචනිකව ලබාගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි සිරිමල්ගොඩ, බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles