කසිප්පු මුදාලාලිගෙන් අල්ලස් ගත් එස්.අයි. සහ පී.සී අල්ලයි

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රුපියල් 10,000ක අල්ලසක් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාරම්මල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර අත්අඩංගුවට ගන්නා ලද නීතිවිරෝධී මත්පැන් වන කසිප්පු, නඩු නොදමා අඩු ප්‍රමාණයකට නඩු පැවරීම වෙනුවෙන් සහ ඉදිරියට කසිප්පු විකිණීමේ කටයුතු සිදුකර ගෙන යන ලෙස දන්වා ඒ සඳහා නීති මඟින් කටයුතු නොකර සිටීමට අදාළ අල්ලස් මුදල ලබාගෙන ඇතැයි අනාවරණය වී තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අල්ලස් හෝ දූෂණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඊයේ (16) දා සවස 6.40ට පමණ නාරම්මල ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (17) දා ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles