35000 දීමනාව අත්හිටුවයි: වෛද්‍යවරු හෙට සිට වර්ජනයක

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ දිමනාව (DAT) තාවකාලිකව අත්හිටුවා ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

මේ සඳහා අවශ්‍ය අක්මුදල් මහා භාණ්ඩාගාරය විසින් ලබා දී නැති බැවින් මේ තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා. භාණ්ඩාගාරය වෙතින් මේ ගැටලුව නිරාකරණය කරගන්නා තෙක් අදාළ දීමනාව තාවකාලිකව අත්හිටුවන බවයි දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් කැඳවා තිබෙනවා.

රජය විසින් පෙර සඳහන් කළ පරිදි 35000 දීමනාව ජනවාරි මාසයේ සිට ලබා නොදීමට ගෙන ඇති තීරණය නිසාවෙන් එම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles