නියාමනය කියලා මානව නිදහස කප්පාදු කරනවාට විරුද්ධයි – කිරිඇල්ල

සමාජ මාධ්‍යයට යම් පාලනයක් අවශ්‍ය බව පිළිගන්නා නමුත් නියාමනය පාවිච්චි කරමින් දේශපාලන, මාධ්‍ය සහ මානව නිදහස කප්පාදු කරනවාට විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

ඔන්ලයින් පනතට සමගි ජන බලවේගය දෙන යෝජනා ඇතුළත් කළහොත් සහය දෙන්න සූදානම් නමුත් ආණ්ඩුව ඒ යෝජනාවලට අකැමැති බව ඔහු කියා සිටියා.

ඔන්ලයින් පනත පිළිබඳ විවාදය අමතමින් ලක්ෂ්මන් කිරිඇල්ල වැඩි දුරටත් කියා සිටියේ මේ පණත මගින් ලංකාවට මුළු ජාත්‍යන්තරයේම විරුද්ධත්වයක් ඇතිවෙන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, මානව හිමිකම් සංවිධාන සියල්ලම පාහේ පනතට විරෝධය පළ කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles