මං දිනුවා – ඉම්රාන් ඛාන්

සිරගත කර සිටින පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහ මැතිවරණයෙන් තමා ජයගත් බව ප්‍රකාශ කර තිබෙනවා. එම ජයග්‍රහණය සමරන ලෙසත් ඔහු සිය පාක්ෂිකයන්ට පැවසූ බවයි සඳහන් වන්නේ.

ඉම්රාන් ඛාන්ට සම්බන්ධ ස්වාධීන අපේක්ෂකයන් මේ වන විට ආසන වැඩි ප්‍රමාණයක් ජයගෙන ඇති බවයි පැවසෙන්නේ. තවත් හිටපු අගමැතිවරයෙක් වන නවාස් ෂරිෆ් පවසා ඇත්තේ විශාලතම පක්ෂය තමන් සතු බැවින් තමා සමග එක් වෙන ලෙසයි.

තමා ජයගෙන ඇති බව ඛාන් පවසා ඇත්තේ AI මගින් නිර්මාණය කළ වීඩියෝවක් X පණිවිඩයක් ලෙස නිකුත් කරමින් බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles