ජාතික ජනබලවේගයට එරෙහිව නාගානන්ද ශ්‍රේෂ්ඨාධිකරණයට

ජාතික ජනබලවේගය මැතිවරණ කොමිසම හමුවේ ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධී බැවින් ඒ සම්බන්යෙන් කරුණු දැක්වීමට අවසර ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර ඇතැයි වාර්තා වෙනවා.

ඔහුගේ විනිවිද පෙරමුණ නම් දේශපාලන පක්ෂය ලියාපදිංචි කිරීම මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එයට විරුද්ධව ඔහු රිට් පෙත්සමක් ගොනු කර ඇති අතර එයට අදාළවයි ජාජබ ගැන කරුණු දැක්වීමට මෝසමක් ඉදිරිපත් කර තිබෙන්නේ.

එම මෝසම හරහා ඔහු කියා සිටින්නේ ජවිපෙ කොටසක් වන ජාතික ජනබලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන් නීතියට පටහැණි බවයි.

ඒ අනුව ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවට කරුණු දැක්වීම සඳහා අවසර ලබාදෙන ලෙස නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles