සෞඛ්‍ය සේවා වැඩවරුම සාර්ථකයි: අඛණ්ඩව ඉදිරියට

ආර්ථික යුක්තිය ඉල්ලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් එක්ව සිදු කරන වැඩවර්ජන ක්‍රියාමාර්ගය අද දින උදෑසන 6.30ට ආරම්භ කෙරුණා. වෘත්තීය සමිති ආරංචිමාර්ග පැවසුවේ වැඩර්ජනය ඉතා සාර්ථකව සිදු කෙරුණු බවයි.

මෙම වර්ජනය වෙනුවෙන් සමස්ත හෙදියන්ගෙන් 50%ක පමණ ප්‍රමාණයක් සම්බන්ධ වූ බවයි වාර්තා වූයේ. අනෙකුත් කාර්ය මණ්ඩලවල 100%ක්ම වර්ජනය සඳහා සහභාගි වූ බව ඔවුන් පවසනවා.

සියලු සේවා පාහේ බිඳ වැටී තිබුණ බවත් වර්ජනය ඉතාමත් සාර්ථකව සිදු කෙරුණු බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පවසා සිටියේ.

කෙසේ වෙතත්, වෘත්තීය සමිති නායකත්වය විසින් වර්ජනය හෙටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles