පළමු ශ්‍රේණියට ඇතුළත් කරද්දී ෆොටෝ කොපි බන්ඩලයක්!

දොඩම්ගස්ලන්ද අධ්‍යාපන කොට්ඨාසයට අයත් ග්‍රාමීය පාසලක පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කරගත් සියළුම සිසුන්ට ෆොටෝ කොපි කොළ බණ්ඩලය බැගින් රැගෙන ඒමට නියම කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

පළමුවැනි ශ්‍රේණියට 2024 සඳහා සිසු සිසුවියන් 28 දෙනෙකු ඇතුළත් කරගෙන සිටින අතර ඔවුන්ගෙන් බහුතරයක්ම අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් බවයි සඳහන් වන්නේ.

වර්තමානයේ ෆොටෝ කොපි බණ්ඩලයක වෙළදපොළ විටිනාකම රුපියල් 1800 ක පමණ ඉහළ මිලක පවතින අතර මෙවැනි ගම්බද පාසලකට මෙතරම් ෆොටෝ කොපි කොළ සංඛ්‍යාවක් අවශ්‍ය කුමක්ටදැයි දෙමාපියන් ප්‍රශ්න කර සිටිනවා.

මේ පිළිබඳව කළ දැනුම්දීමකදී වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් ඉන්දික ඉලන්කෝන් පැවසුවේ මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ට සහ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට දැනුම් දුන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles