නීති විරෝධී යතුරුපැදි ගැන හෙළිදරව්වක්.

නීති විරෝධී ලෙස කොටස් එකලස් කර සකස් කර යතුරුපැදි සකස අලෙවිකරන ජාවාරමක් පානදුර වලාන දූෂණ මර්ධණ ප්‍රහාරක ඒකකය විසින් වටලා තිබෙනවා.

මෙලෙස එකලස් කරන යතුරුපැදි ව්‍යාජ ලේඛන සකසා අලෙවි කර ඇති බවද හෙළිවෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කළේය කුරුණෑගල, වාරියපොල හා මාස්පොත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම ජාවාරම සිදුවන බවයි.

පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (25) මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහිදී යතුරුපැදි අලෙවි කරනු ලබන ස්ථාන 3ක් වටලා ඇති අතර, එහිදී යතුරුපැදි 41ක් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම මධ්‍යස්ථානවල හිමිකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදි මෙම යතුරුපැදි කුරුණෑගල ප්‍රදේශයේ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයෙකු විසින් යතුරුපැදි අමතර කොටස් ලෙස ගෙන්වා එකලස් කර මෙම අලෙවි මධ්‍යස්ථාන වෙත විකුණා ඇති බවට කරුණු අනාවරණය වෙනවා.

මෙම ආයතන වලින් මිලදී ගත් යතුරුපැදි ලියාපදිංචි කර ගැනීමට නොහැකි බවද ගැණුම්කරුවන් විසින් පෙන්වා දී තිබෙනවා.

මෙම ජාවාරම සම්බන්ධයෙන් වාරියපොල හා කුරුණෑගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles