පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපතිගෙන් පැය 6ක ප්‍රකාශයක්

සිය ගණනකට මරු කැඳවමින් සිය ගණනකට තුවාළ සිදු කරමින් 2019 වසරේ පාස්කු ඉරුදින මෙරට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරය සිදු කළේ කවුද යන්න තමා දන්නා බව පසුගිය දා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා ප්‍රකාශයක් සිදු කළා.

ඒ ගැන විවිධ පාර්ශ්ව ගණනාවක්ම කරන ලද පැමිණිලි අනුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිසියට නියෝග කරනු ලැබුවේ මේ ගැන පරීක්ෂණයක් කරන ලෙසයි.

ඒ අනුව අද (25) දින උදේ 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනපතිවරයා පැය 6ක පමණ ප්‍රකාශයක් ඔවුන් හමුවේ ලබා දී තිබෙනවා. එහිදී ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවක් හෙළිදරව් වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles