යාපනයේ කතක් බිහිසුණු ලෙස මිය ගිහින්

යාපනයේ මරදන්කේණි තාලෙයිඅඩි ප්‍රදේශයේදි කාන්තාවක් දූෂණය කොට ගෙල සිරකර ඝාතනය කර තිබෙනවා.

ඝාතනය වූ කාන්තාවගේ සැමියා ධීවරයෙකු වන අතර ඔහු පොලීසියට පවසා තිබුණේ තමන් මුහුදු ගොස් අලුයම නිවසට පැමිණෙන විට බිරිඳ වැසිකිලිය අසල බිම වැටී සිටි බවය.

පසුව ඇයව පේදුරුතුඩව රෝහලට රැගෙන ගිය බවත් ඔහු පොලීසියට පවසා තිබෙනවා.

මෙලෙස ඝාතනය වී ඇත්තේ 44 හැවිරිදි ජෙයසීලන් සංගීතා නැමැති කාන්තාවක්.

පේදුරුතුඩුව රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ දැඩි ලෙස සීරීම් තුවාල තිබූ බවත් මරණයට හේතුව රෙදි කැබැල්ලක් වැනි යමකින් ඇයගේ ගෙල සිරකර තිබීමත් බව හෙළි වී ඇතැයි සඳහන්.

පොලීසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී හෙලි වී ඇත්තේ අදාළ දිනයේදී මියගිය කාන්තාවගේ සැමියා මුහුදු ගොස් නොමැති බවය.

එම කාන්තාව හා ස්වාමි පුරුෂයා අතර නිතරම ගැටුම් ඇති වන බවද අසල්වාසීන් විසින් පවසා තිබෙනවා.‍

පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයාව මරදන්කේණි පොලීසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles