බිහිසුණු නායයෑමකින් පැපුවා නිව්ගිනියාවේ මහා ව්‍යසනයක්

පැපුවා නිව්ගිනියාවේ දුෂ්කර ගම්මාන හයකට බලපෑම් එල්ල කරමින් සිදු වූ නායයෑමෙන් ජීවිත රැසක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (23) සිදු වූ මෙම නායයෑමෙන් නිවාස 100කට වැඩි ගණනක් පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙහිදී සිදු වී ඇති ජීවිත හානි ගණන හෝ සුන්බුන් අතර කොපමණ පිරිසක් සිරවී ඇති ද යන්න නිශ්චිතවම තවමත් ප්‍රකාශ කළ නොහැකි බව වාර්තා වෙනවා.

මෙම නායයෑම සිදු වූ Enga නම් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා මාධ්‍යයට පවසා ඇත්තේ මෙය මීට පෙර සිදුනොවූ ආකාරයේ ස්වභාවික ව්‍යවසනයක් බවයි.

එමෙන්ම මළ සිරුරු ගොඩගැනීම සඳහා අවශ්‍ය සහන සේවා සැපයීමට සහ යටිතල පහසුකම් සඳහා අදාළ ස්ථානයට ආපදා නිලධාරීන් යොමු කර ඇති බව පැපුවා නිව්ගිනියාවේ අග්‍රාමාත්‍ය ජේම්ස් මැරපේ පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles