ආපදාවලින් මියගිය ගණන ඉහළට

දිවයින පුරා පවතින වැසි සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පවුල් 9688කට අයත් පුද්ගලයින් 35796ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අයහපත් කාළගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ස්වභාවික ආපදා වලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස්, තවත් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙන බව එම මධ්‍යස්ථානය ඉදිරිපත් කර ඇති නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර හදිසි ආපදා තත්ත්වයකදී මුදාගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා තුනක් සූදානම් කර තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදුකරන දැනුම්දීමකදී ක්‍රියාත්මක වීම සඳහා ගලවාගැනීමේ ගුවන් භට පිරිසක්ද සූදානමින් සිටින බව ද ඔහු දැනුම්දෙනවා.

මේ අතර තද සුළං සහ පස්කඳු කඩාවැටීම නිසා නිවාස 126කට පමණ මේ වන විට හානි සිදුව ඇතැයි සඳහන්.

එමෙන්ම තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles