එළවළු මිල යළි අහසට: ඉඟුරු 5000ට නගී!

පවතින වර්ෂාවත් සමඟ වෙළඳපොළේ එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් එළවළු වගාවට දැඩි බලපැමක් එල්ල විම හමුවේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම නිසා එලවළු මිල මෙසේ ඉහල ගොස් ඇතැයි වෙළඳුන් පවසනවා.

ඒ අනුව බෝංචි කිලෝවක සිල්ලර මිල රු 480 , මුරුංගා රු 720 , කැරට් රු 240 , මාළු මිරිස් රු 440 , බිට්රුට් රු 400 , තක්කාලි රු 240 , අමු මිරිස් රු 400 , බණ්ඩක්කා රු 240 , පතෝල රු 320 , කරවිල රු 480 , වට්ටක්කා රු 160 , බටු රු 240 , ගෝවා රු 240 , ලික්ස් රු 400 , වැටකොළු රු 400 , මඤ්ඤොක්කා රු 200 , දෙල් ගෙඩියක් රු 300 , දේශිය අර්තාපල් රු 360 , දෙහි රු 1800 , අමු ඉගුරු රු 2500 වශයෙන් අලෙවි කෙරේ.

මේ අතර පවතින ඉඟුරු හිඟය හේතුවෙන් වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 5000 ආසන්න වෙමින් තිබෙන බව වෙළඳුන් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles