ප්‍රබල සූර්ය කුණාටුවක් ගැන නාසා අනතුරු අඟවයි

තවත් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වන බවට ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

තාරකා විද්‍යාඥයන් විසින් සූර්ය කුණාටුවක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ සූර්යයාගෙන් එකවර නිකුත් වන විකිරණ සහ ආරෝපිත අංශුවලින් සමන්විත ගිනි දැල් වන අතර ඒවා සෞරග්‍රහ මණ්ඩලය පුරා විහිදෙනවා.

මෙම නව සූර්ය කුණාටුව හේතුවෙන් පෘථිවි කක්ෂයේ රඳවා ඇති සන්නිවේදන චන්ද්‍රිකාවලට බලපෑම් එල්ල වනු ඇති බවත් එය සන්නිවේදන කටයුතු අඩපණ වීමට හේතුවක් වනු ඇති බවත් නාසා විද්‍යාඥයින්ගේ මතයයි.

මීට දින කීපයකට පෙර ද මේ අයුරින් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වුණා.

රටවල් බොහොමයක අහස අවුරෝරා බොරියාලිස් හෙවත් උත්තර ආලෝකයෙන් හැඩ ගැන්වුණේ එම සූර්ය කුණාටුව හේතුවෙන්.

එම අවස්ථාවේදී බිලියනපති ඉලොන් මස්ක්ගේ සන්නිවේදන චන්ද්‍රිකා කීපයකට ද බලපෑම් එල්ල වූ බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles