රූපලාවන්‍ය නිෂ්පාදනායතනයක වායුවක් විෂවීමෙන් අනතුරක්

පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ සුවඳ විලවුන් නිෂ්පාදනගාරයක විෂ වායු ආඝ්‍රහණයක් හේතුවෙන් එහි සේවකයින් 30 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

පිංවත්ත පොලීසිය සඳහන් කළේ, අදාළ සිදුවීම හේතුවෙන් කර්මාන්තශාලාව තාවකාලිකව වසාදැමීමට උපදෙස් දුන් බවයි.

අදාළ කර්මාන්තශාලාවේ සේවකයින් පිරිසක් මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ අද (12) පෙරවරුවේදියි.

සුවඳ විලවුන් ඇතුළු නිෂ්පාදන සිදුකරන එම කාර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේදී සිදුවූ වායු ආඝ්‍රහණයක් මෙම සිද්ධියට මුල් වූ බව සඳහන්.

වායු ආඝ්‍රහණයත් සමඟ රෝගී වූ එහි සේවකයින් 30 දෙනෙකු පමණ පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් පිරිසක් පෞද්ගලික ප්‍රතිකාර සඳහාත් යොමුකිරීමටත් එම ආයතනය පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles